නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා නව ව්‍යවස්‌ථාදායක සභාව අද (12) පළමුවරට රැස්‌වන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.
ආණ්‌ඩුව ව්‍යවස්‌ථාදායක සභාව සඳහා පත් කළ සාමාජිකයන් දස දෙනාගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
නව ව්‍යවස්‌ථාදායක සභාවට අදාළ සිවිල් පුරවැසියන් තිදෙනාගේ නම් පෙරේදා පැවැති පක්‍ෂනායක රැස්‌වීමේ දී ඉදිරිපත් කර තිබූ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ඔවුන් ද ඇතුළුව නව ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන් දස දෙනා සඳහා අනුමැතිය හිමි විය.
සාමාජිකයන් දස දෙනාගෙන් යුත් ව්‍යවස්‌ථාදායක සභාවට අගමැති කථානායක සහ විපක්‍ෂ නායක නිල බලයෙන් පත් වෙති.
ඊට අමතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මහින්ද සමරසිංහ, විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස චමල් රාජපක්‍ෂ සහ අගමැතිවරයාගේ නියෝජිතයා ලෙස තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් නව ව්‍යවස්‌ථාදායක සභාව නියෝජනය කරති.
සුළු පක්‍ෂ නියෝජනය ලෙස බිමල් රත්නායක මහතාද සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ලෙස ආචාර්ය ජයන්ත ධනපාල, නීතිඥ ජාවුඩ් යූසුµa සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් පත් කර තිබේ.
ව්‍යවස්‌ථාදායක සභාවට පත් කරන ලද සාමාජිකයන්ට ඒ සම්බන්ධයෙන් පත් කිරීම් ලිපි නිකුත් කර ඇති බවද කථානායකවරයා පැවැසීය.
දිනේෂ් ගුණවර්ධන මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ රීති පිළිබඳව අපි කවුරුවත් දන්නේ නැහැ. ව්‍යවස්‌ථාදායක සභාව සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වී ඇති බවට පුවත්පත් වාර්තා පළ වෙනවා. ව්‍යවස්‌ථාදායක සභාව මගින් මෙතෙක් කළ පත් කිරීම් වැරැදි බවට තොරතුරු හෙළි වෙනවා. නව පත් කිරීම් සම්බන්ධයෙන් මොන තීරණයද යොදා ගත්තේ?
සභානායක -දිනේෂ් ගුණවර්ධන මහතා පක්‍ෂනායක රැස්‌වීමේදී මේ පිළිබඳව කිසිම විරුද්ධත්වයක් දැක්‌වූයේ නැහැ. මහින්ද මහත්තයාගේ කාලයේ 18 වැනි සංශෝධනය ගෙනවිත් ජනාධිපතිට ඕනෑ විදියට හැම දෙයක්‌ම කළා. අපි 19 ගෙනාව. අද ජනාධිපති එවන නමට වුණත් විරුද්ධ වෙන්න පුළුවන්. මහින්දගේ සපත්තුවට යට වෙලා හිටපු අයව අපි බේරා ගත්තා.
වාසුදේව නානායක්‌කාර මහතා – ව්‍යවස්‌ථාදායක සභාවේ කටයුතු ගැන පාර්ලිමේන්තුවට බලය හිමිවිය යුතුයි කිව්වා. ඒත් ඉතින් අපට බලයක් නැහැනේ. මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය සිදු වන ආකාරය අපි දැනගත යුතුයි. පාර්ලිමේන්තුව ඒ ගැන දන්නෙ නැහැ.
අජිත් පී. පෙරේරා මහතා – පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා කිව්වට වග නොකියන ස්‌වරූපයක් තිබෙනවා. ඒක අපි හදා ගන්න ඕනෑ.
විජයදාස රාජපක්‍ෂ මහතා – ව්‍යවස්‌ථාදායක සභාව මගින් කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීමේදී විශ්‍රාමිකයන් පත් කිරීමෙන් වැඩක් සිදු වෙන්නෙ නැහැ. ඔවුන් කාටවත් වග කියන්නේ නැහැ. කොමිෂන්වල සංයුතිය පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කළ යුතුයි.
නව අගවිනිසුරු ගැන තීරණයට නව ව්‍යවස්‌ථාදායක සභාව අද රැස්‌වෙයි
