“නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..

“නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..
Spread the love

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වත්මන් රජය දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දී තිබෙනවා. මේ අතර ශ්‍රිලනිප හො එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබදවද පක්ෂ දෙකෙහිම අවදානය යොමුව තිබෙනවා. රජයේ අනාගතය පිළිබදව ආණ්‌ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (16 දා) විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට නියමිතය. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (14 දා) දහවල් පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම තීරණය දැනුම්දී තිබෙන බව එකී ආරංචි මාර්ග සඳහන් කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට්‌ රැස්‌වීමෙන් පසුව මෙම හමුව පවත්වා තිබේ. ශ්‍රීලනිපය නියෝජනය කරන කැබිනට්‌ ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ ආණ්‌ඩු පක්‍ෂයට සහාය දක්‌වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මෙම හමුවට සහභාගී වී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයකු අගමැති ධුරයට පත්කර නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට කටයුතු කරන ලෙස ඉල්ලා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක්‌ යොමුකර ඇත. මෙම ලිපියට සන්ධාන මහලේකම් මහින්ද අමරවීර හා සන්ධාන ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් අත්සන් තබා ඇත.