නව වෙනසක් සමගින් බි‍්‍රතාන්‍ය රැකියාවලින් සියයට 30ක් රොබෝවරුන්ට

Spread the love

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙන අතර එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි.

නව තාක්ෂණය භාවිතයට පැමිණීමෙන් වඩාත් අවදානමකට ලක්ව ඇත්තේ නිෂ්පාදන සහ වෙළඳ ක්ෂේත‍්‍රය වන අතර මීට අමතරව තොග හා සිල්ලර වෙළඳාම, පරිපාලන හා සහයක සේවා මෙන්ම මූල්‍ය හා රක්ෂණ ක්ෂේත‍්‍රයේද රැකියා මෙහිදී අවධානමට ලක්වනු ඇති.

මේ අයුරින්ම රැකියා ස්වයංක‍්‍රීයකරණය කිරීම හේතුවෙන් අමෙරිකාවේ සියයට 38ක්, ජර්මනියේ සියයට 35ක් සහ ජපානයේ සියයට 21ක් දැනටමත් අවදානමට ලක්ව ඇති බවද එහි සඳහන්.