ශ්‍රී ලංකාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.
ඒ මහතා ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
කැඩෙට් නිලධාරියෙකු ලෙස 1984 වසරේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුනු ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත්වීමට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර ඇත.
ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර නව හමුදාපති මේජල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනාධිපතිවරයාගේ බෑනා කෙනෙකු වීමට යන බවට වන කට කතාවක්ද සමාජජාල මාධ්‍ය ඔස්සේ කලක සිට සංසරණය වෙමින් පවතී.