පසුගියදා පවත්වන ලද පළාත් පාලන මැතිවරනයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාසල් සිසුවියක් ප්‍රාදේශීය සභාව සඳහා තේරී පත්ව ඇත.
ඇය නාත්තණ්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුභා තෙන්නකෝන් සිසුවියයි. මේ වන විට 18 වැනි වියේ පසුවන ඇය නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබන අතර මේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් පසුවෙයි.
