බදු කියන මාතෘකාව ටිකක් වැඩිපුර අපේ රටේ කතාබහට ලක්වන මාතෘකාවක්. ඒ වගේම නවක ප්‍රාදේශිය සභා මනත්‍රීවරයෙක් යෝජනා කල අපූරු බදු ක්‍රමයක් නිසා ඊයේ (23) පැවති කොළොන්න ප්‍රාදේශිය සභා සැසිවාරයේදී උණුසුම් තත්වයක් ඇති වූ බව වාර්තා වනවා.
කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති ටී. රූපසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී හිටපු සභාපති මෙන්ම විපක්‌ෂ නායක (එ.ජා.ප) බී.ආරියවංශ විසින් සභාපතිවරයාට බහුතරයක් සභාව තුළ නොමැති බවත් එබැවින් බෙදීමක් වුවමනා බවත් ඒ අනුව රහස් ඡන්දයක් පවත්වා සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් විමසීමක් කළ යුතු බවද ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් සභාපතිවරයාගේ බලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව පවසමින් සභාපති ටී.රූපසිංහ විසින් සභාව පවත්වාගෙන ගොස් තිබුණා.
මේ අතරේදී නවක මන්ත්‍රීවරයෙකු විසින් නාන බද්දක් පිළිබඳව සභාවට යෝජනාවක් කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණා.එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ටී.එල්. තුසිත ප්‍රකාශකර තිබුණෙ කොළොන්නේ නාන තොටුපළවල් බොහෝ ප්‍රමාණයක් ඇති බවත් මෙහි දිය නෑම සඳහා 500ක් පමණ පැමිණෙන බවත් මේ අයගෙන් බදු මුදලක් ලබාගතයුතු බවත්ය.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්න ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉඳුනිල් රාජපක්‌ෂ කියා සිටියේ ඹබතුමාට ඕනනම් නාන අයගෙන් බදු ගන්න අපි ආවේ මිනිස්‌සුන්ගේ ඡන්දය අරගෙන ඔබතුමාගේ ගමේ නාන අයගෙන් නාන බද්ද ගන්න. අපිට නම් බැහැ. අපිට නාන එකෙනුත් බදු අරගෙන ගමට යන්න බැහැ. යනුවෙනි.

