මර්වින් සිල්වා එජාපයෙන් අනුරාධපුරයට
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාඅනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද ඔහුව පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
තම දේශපාලන පුනරාගමනය ගැන සදහන් කරමින් මර්වින් සිල්වා පවසා ඇත්තේ තමන් දුටු ගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂා කරන බවයි.
තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක වලින් මැතිවරණ ජයගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරිම වෙනුවෙන් කැපවන බවත් මර්වින් සිල්වා පවසා තිබෙනවා.
පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ ආන්දෝලනාත්මක චරිතයක් වන මර්වින් සිල්වා එම යුගයේ එජාපයේ දැඩි විවේචනයට ලක්වූ ඇමැතිවරයෙක් වශයෙන් සැලකුණා. විශේෂයෙන් එජාපයට හිතවත් මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට පහරදීම, රූපවාහිනී සංස්ථාවට කඩා පැන එහි මාධ්‍යකරුවන්ට පහරදීම, සමෘද්ධි නියාමකවරයෙකු ගස් බැදීම ආදි කුප්‍රකට චෝදනා ඔහුට එරෙහිව තිබුණා.
රනිල් යළිත් සිරස මාධ්‍යකරුවෙක් දේශපාලනයට කැදවයි
මාධ්‍යවේදී මහේෂ් සේනානායක එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අද (18) නාම යෝජනා අත්සන් කළා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ ඉහළ පෙළ නායකයින් කිහිපදෙනෙකුම සිදුකළ ඉල්ලීමට අනුව බවයි වාර්තා වුණේ.
එක්සත් ජාතික පක්ෂ නායකයා පසුගිය කාලය පුරාම සිරිස මාධ්‍ය ජාලයට අයත් මාධ්‍යකරුවන් රැසක් දේශපාලනයට කැදලා ගත් අතර ඔවුන් සියලු දෙනාම ( ශ්රීරංගා, බුද්ධික පතිරණ, මනුෂ නානායක්කාර, සුසිල් කිදොලපිටිය, එස්.එම් මරික්කාර් ආදීන්) විශේෂත්වයක්.