නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.
නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය….
යහපාලන ආණ්ඩුව බලයට පත්වුණි. ඒ 2015 වර්ෂයේදී ය. එලෙස බලයට පත් වූ එම ආණ්ඩුවේ මැති ඇමැතිවරු වැරදි සෙවීමට පටන් ගත්හ. ඒ ඔවුන් බලයට පත්වීමට පෙර ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන්ගේ ය. එයිනුත් ප‍්‍රධාන ලෙස චෝදනා එල්ල වූයේ නාමල් රාජපක්‍ෂටය.
එයහපාලන ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරු නාමල් රාජපක්‍ෂට රත්රන් කඩු” රත‍්‍රන් අශ්වයෝ සහ ලැම්බෝගිනි මෝටර් රථ ආදිය ඇති බවට චෝදනා එල්ල කළහ. යහපාලන ආණ්ඩුව බලයට පත් වී දින කිහිපයක් යන්නට මත්තෙන් හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක අරලියගහ මන්දිරයට පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් නාමල්ගේ රත‍්‍රන් කඩු අශ්වයෝ සෙව්වේය. එහෙත් ඔහුට රත‍්‍රන් කඩු” අශ්වයෝ සොයාගැනීමට නොහැකි විය.
අවසානයේ රන්ජන් රාමනායක අරලියගහ මැඳුරේ තිබී රන් ආලේපිත කඩුවක් සොයා ගත්තේය. පසුව සොයා බැලීමේදී එය සිහිවටනයක් ලෙස අරලියගහ මන්දිරයට ලැබුණු කඩුවකි. එහෙත් රන්ජන් එය රත‍්‍රන් කඩුවක් යැයි පවසා නාමල්ට චෝදනා එල්ල කළහ.
රත‍්‍රන් කඩු” අශ්වයෝ සොයා ගැනීමට නොහැකි වු කල නාමල්ගේ ලැම්බෝගිනි මෝටර් රථ සෙවීමට එම යහපාලන ආණ්ඩුව උත්සාහ කළේය. ඒ අනුව කඩුවෙල ප‍්‍රදේශයේ නිවසක තිබූ මෝටර් රථයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේය. ඒ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ නියෝගයකට අනුවය.
එය ‘ෆෝර්ඞ් මස්ටෑන්ග්. මෝටර් රථයකි. එහෙත් එකල මාධ්‍ය හරහා එය ප‍්‍රචාරය කළේ නාමල් රාජපක්‍ෂගේ ලැම්බෝගිනි මෝටර් රථය බවයි. එහි හිමිකරු එය තමන්ට අයිති ‘ෆෝර්ඞ් මස්ටෑන්්ග්. මෝටර් රථය බව පැවසුවත් යහපාලන ආණ්ඩුව එය පිළිගත්තේ නැත. ඔවුන් පුනපුනා පැවසුවේ එය නාමල් රාජපක්‍ෂගේ ලැම්බෝගිනි මෝටර් රථය බවයි.
දින සති ගණන් ගතවිය. එම මෝටර් රථයේ අයිතිකරුට එය ආපසු ලැබුණේ නැත. අවසානයේ අයිතිකරු තමාට වූ අසාධාරණය පිළිබඳව අධිකරණයේ නඩුවක් ගොනු කළේය. වසර දෙකක් එම නඩුව විභාග කෙරුණි. අවසානයේ අධිකරණය විසින් එය නාමල් රාජපක්‍ෂට අයිති මෝටර් රථයක් නොවන බව තීන්දු කළේය.
අවසානයේ නියම හිමිකරුට මෝටර් රථය ලැබිණිි. එහෙත් වසර දෙකක් එම මෝටර් රථය එකම තැන නවතා තිබූ බැවින් විශාල ලෙස විනාශ වී තිබිණි. නාමල්ගේ ලැම්බෝගිනි ජවනිකාවත් අවසන් වූයේ එලෙසින්ය.
එය එසේ අවසන් වුවත් යහපාලන ආණ්ඩුව නාමල්ගේ ලැම්බෝගිනි මෝටර් රථ සෙවීම නතර නොකළේය. එකල එම ආණ්ඩුවේ සිටි මන්ත‍්‍රී නලින් බණ්ඩාර ‘හෙළිදරව්ව. නමින් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ‘‘නාමල්ට අයිති ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ තුනක් ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බවයි. එහෙත් එයද ඔප්පුකර පෙන්වීමට නොහැකි විය.
යහපාලන ආණ්ඩුව බිඳවැටී නව ආණ්ඩුවක් පත්විය. ඒ පසුගිය ඔක්තෝබර් මස 26 වැනිදාය. එම ආණ්ඩුව පත් වී දින දෙකක් ගත වීමට මත්තෙන් යළිත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂට චෝදනාවක් එල්ල විය. ඒ තම පියා එනම් මහින්ද රාජපක්‍ෂ අගමැති වීමත් සමග නාමල් යළිත් රත‍්‍රන් කාර් පැදීමට පටන්ගෙන ඇති බවයි.
ඉන්ධන පිරවුම් හලක් අසල රත‍්‍රන් පාට වර්ණයෙන් යුතු මෝටර් රථයක් ඉන්ධන ගසන අයුරුත්” ඉන් පසු එම මෝටර් රථය ඉන් පිටව යන අයුරුත් දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ වෙබ් අඩවි ජාලාවල හුවමාරු වෙමින් තිබිණි. ඒ පින්තූර තුළට නාමල් රාජපක්‍ෂගේ පින්තූරයක් ද එකතු කර තිබිණි. එයට අමතරව එහි සඳහන් වි තිබුණේ තාත්තා අගමැති වීමත් සමග නාමල් රාජපක්‍ෂ යළි රත‍්‍රන් කාර් පැදීමට පටන් ගෙන ඇති බවයි.
ඇත්තටම එම රන්වන් පැහැති මෝටර් රථයේ හිමිකරු නාමල් රාජපක්‍ෂ ද? නැත්නම් වෙනත් අයෙක් ද යන්න අපි සොයා බැලූවෙමු. අවසානයේ සත්‍ය සෙයා ගැනීමට අපට හැකි විය.
නිපුන කලූපහන නුවර ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ව්‍යාපාරිකයෙකි. නුවර ඔහුටම අයිති ආපන ශාලාවක් තිබේ. ඔහු සාමාන්‍යයෙන් අන් තරුණයන්ට වඩා වෙනස් තරුණයෙකි. සෑම විටම ඔහුට වුවමනා වෙනස් ආකාරයේ දෙයක් කිරීමටය.
දැනට මාස හතකට පමණ ඉහත නිපුන මෝටර් රථයක් මිලදී ගත්තේය. එය තරමක් සුඛෝපභෝගී එකකි. එය සුදු පැහැයෙන් යුක්තය. නිපුන එය මිලදී ගත් දින සිටම එම මෝටර් රථයට කිසියම් වෙනසක් සිදුකළ හැකි දැයි කල්පනා කළේය.
ඔහු අන්තර්ජාලයෙන් නවීකරණය කළ මෝටර් රථ පිළිබඳව සොයා බැලූවේය. ඒවා පිළිබඳව දන්නා හඳුනන අයගෙන් විමසුවේය. එහෙත් ඒ කිසිවක් ඔහුගේ සිතට ඇල්ලූවේ නැත.
නිපුනට වුවමනා වූයේ තමාගේ මෝටර් රථයට සියයට සියයක් අන් අයගේ අවධානය යොමුකර ගැනීමටය. එම නිසා ඔහුගේ මෝටර් රථයට වෙනස්ම ආකාරයේ දෙයක් කිරීමට වුවමනා විය. ඔහුම ඒ ගැන කල්පනා කළේය. අවසානයේ ඔහු මෝටර් රථය සම්පූර්ණයෙන් රත‍්‍රන් වර්ණයෙන් ආලේපනය කිරීමට තීරණය කළේය.
නුවර ප‍්‍රදේශයේ මෝටර් රථ නවීකරණය කරන ස්ථානයකට නිපුන ගියේය. ගොස් තමාගේ සිතේ තිබෙන අදහස ඔවුනට පවසා එලෙස කළ හැකි දැයි විමසුවේය. ඔවුන් ද එසේ කළ හැකි යැයි පැවසුවේය.
මෝටර් රථය රත‍්‍රන් වර්ණ ගල්වන අයුරු සහ මිල ගණන් කතා කර ගත්තේය. සති දෙක තුනක් ගතවිය. නිපුනගේ සුදු පැහැති මෝටර් රථය සම්පූර්ණයෙන් ම රත‍්‍රන් පාට විය. ඉන් පසු මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් එයට අවශ්‍ය නීත්‍යනුකූල ලියකියවිලි ද සාදා ගත්තේය.
සුදු පාට මෝටර් රථය වෙනුවට නිපුනට දැන් තියෙන්නේ රත‍්‍රන් පාට මෝටර් රථයකි. ඔහු ඉතා උජාරුවෙන් එහි ගමන් කරයි. නිපුනගේ මෝටර් රථය මාර්ගයේ ධාවනය කරන විට කුඩා ළමයාගේ සිට මහලූ මිනිසා දක්වා එදෙස බලති.
වර්ණය වෙනස් කළ පසු නිපුන එම මෝටර් රථයෙන් කොළඹ පැමිණියේ එක් වරකි. ඒ ඔක්තෝබර් මස 28 වැනිදාය. එනම් අලූත් ආණ්ඩුව පත් වී දින දෙකකට පසුවයි. කොළඹ පැමිණි ඔහු එක්තරා ඉන්ධන පිරවුම්හලකින් එම මෝටර් රථයට ඉන්ධන ගැසුවේය. ඒ අතර එක්තරා පුද්ගලයෙක් නිපුනගේ රත‍්‍රන් පාට මෝටර් රථයේ පින්තූර කිහිපයක් ගත්තේය.
එම මෝටර් රථයේ පින්තූර ගත් පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබල සාමාජිකයෙකි. ඔහු එම පින්තූරවලින් අලූත් ආණ්ඩුවට මඩක් ගැසීමට තීරණය කළේය. තම මිතුරන් කිහිපදෙනෙකුට ද එම පින්තූර පෙන්නුවේය.
ඔවුන් සියලූ දෙනාම යෝජනා කළේ මෙම රත‍්‍රන් පාට මෝටර් රථය නාමල් රාජපක්‍ෂගේ බව පවසා බොරු ප‍්‍රචාරයක් කරමු කියාය. ඒ අනුව එම මෝටර් රථයේ පින්තූර සමග නාමල් රාජපක්‍ෂගේ ද පින්තූරයක් එකතු කළේය. ඉන් පසු එම පින්තූර යටින් ‘‘තාත්තා අගමැති වූ ගමන් නාමල් රත‍්‍රන් කාර් පදියි.. කියා ලීවේය. පසුව ෆේස්බුක් හරහා අන්තර්ජාලයට දැමුවේය. එය දැකීමෙන් සමහරු යළි කුපිත වූහ. ඔන්න නාමල් බේබි යළි වැඩ පටන් අරන් යැයි පැවසූහ.
අන්තර්ජාලය එම පින්තූර හුවමාරු වීමත් සමඟ සමහරු සිතුවේ ඇත්තටම එය නාමල් රාජපක්‍ෂගේ බවයි. එහෙත් සත්‍ය එය නොවේ. එම මෝටර් රථයේ සැබෑ අයිතිකරු නිපුන කලූපහනයි. අපගේ හැඟීම වනුයේ නාමල් රාජපක්‍ෂගේ ගිණුමට එම රත‍්‍රන් පාට මෝටර් රථය බැර කර ඇත්තේ දේශපාලන වාසි ලබා ගැනීමට බවයි.
නාමල්ගේ නමට තවමත් ලියැවෙන රත්තරන් කාර්
