ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.
සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.
ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.
නාමල් උඩුගම අසනීපව රෝහල්ගත කර සිටි සමයේදී දුලාජ් ධනුෂ්ක විසින් කිසිදු අයකිරීමකින් තොරව ගීත ගායනා කොට ඒ මුදල් නාමල්ට ලබාදුන් බවටද ඔහු ප්‍රකාශ කර ඇත.
[rns_reactions]

