“නායකත්වයයි වෙනස් වෙන්න ඕනේ” – කැබිනට් සංශෝධනයට පසු එජාපයේ ගිනි ඇවිලෙයි..

“නායකත්වයයි වෙනස් වෙන්න ඕනේ” – කැබිනට් සංශෝධනයට පසු එජාපයේ ගිනි ඇවිලෙයි..
Spread the love
ඊයේ (25) සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් අප‍්‍රසාදය පළ කරනවා.

ඒ අතරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ද අයත්.

කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගෙන් අප විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ “මට පේන විදිහට ජනතාවගේ පැත්තෙන් බැලුවාම මේක විහිළුවක් විදිහට තමයි පේන්නේ. මීට වැඩිය දරුණු වෙනස්කම් වෙනවයි කියලා තමයි අපි හිතුවේ..ඇත්ත තත්ත්වය රටම දන්නවානේ. තොයිලයක් නටලා කුකුළෙක් බිළි දුන්නා වගේ මාව බිලි දුන්නා..” යනුවෙනි.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් පළ කළේ නැහැ. මේ අප සමග සංවාදයකට එක්වෙමින් ඊට හේතු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.

“නීතිය හා සාමය අමාත්‍ය ධූරය හමුවූ අගමැතිතුමාට සහ යෞවන කටයුතු හමු වූ සාගල රන්තායක ඇමතිතුමාටත් ඇරෙන්න අනෙක් ඔක්කොටම වගේ මම සුභ පතන්න කතා කළා. ඒ අය කිව්වේ..’අයියෝ.. කියලා..’ හැම කෙනෙක්ම වගේ මේ පිළිබඳ නොසතුටෙන් තමයි කතා කළේ. මේක සද්ද පූජාවක් විතරයි. පසුගිය මැතිවරණයෙන් ජනතාව දුන්න පණිවුඩය තිබුණේ මැතිඇමතිවරු සම්බන්ධයෙන් නෙමෙයි.. ඒක දුන්නේ නායකත්වය සම්බන්ධයෙන්. මේක සත්‍ය වශයෙන්ම සිද්දවෙන්න ඕනේ නායකත්වයේ වෙනස”