එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළ පක්‌ෂයේ ප්‍රධාන තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට ඊයේ (24 දා) රැස්‌වූ දේශපාලන මණ්‌ඩලයට නොහැකි වූ අතර ඒ සඳහා අද (25 දා) සවස 05 ට නැවත රැස්‌වීමට මණ්‌ඩලය තීරණය කර ඇත.
පක්‌ෂයේ මහලේකම් සහ භාණ්‌ඩාගාරික තනතුරුවලට පත්කිරීමේ බලය පක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරෙන බව ඇමැති ගයන්ත කරුණාතිලක පැවසීය.
ඒ අනුව අනෙක් ප්‍රධාන තනතුරු සම්බන්ධව තීරණයක් ගැනීම අද සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ අතර පක්‌ෂයේ නියෝජ්‍ය නායකයා පත්කර ගැනීමට නැවත ඡන්දයක් පවත්වන්නේ නම් ඊට මුහුණ දීමට තමා සූදානම් බව සජිත් ප්‍රේමදාස එහිදී ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් පක්‌ෂයේ තනතුරු සම්බන්ධව අද අවසන් තීරණයක් ගෙන එය හෙට (26 දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

