නායකයා මාරු වාඩුව ගන්න සමයං පිල වැඩ අල්ලයි – (Exclusive)

Spread the love

කඩුවෙල – කොතලාවල ප‍්‍රදේශයේ අද (13) උදෑසන සිදු වූ වෙඩි තැබීම සමයං සහ අංගොඩ ලොක්කා නැමති පාතාල කල්ලි සාමාජිකයින්ගේ ආධාරකරුවන් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීම ඉදිරියේ සිදුවිය හැකි විශාල සිද්ධි දාමයක ආරම්භක සිදුවීම බව මේ පිලිබදව පරීක්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් වල මතවාදය වී ඇත.

මෙම  වෙඩි තැබීම සිදුකර ඇත්තේ උර්ජුවා නැමති පාතාල කල්ලි සාමාජිකයෙක්. ඔහු සමයං නැමැත්තාගේ සමීපතමයෙකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

තුෂාර නැමති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකර තිබෙන අතර ඔහු අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි සාමාජිකයාගේ හිතවතෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මීට පෙර තුෂාර නැමැත්තාගේ නිවසට ද කිසියම් පිරිසක් විසින් ගිණි තබා ඇති බව පොලිසිය පැවසු අතර පසුගියදා බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සමයං නැමැති පාතාල කල්ලි සාමාජිකයා ඝාතනයට ලක් වුණා. එම වෙඩි තැබීම සිදු කරන ලද්දේ අංගොඩ ලොක්කා විසින් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වුණේ.

[rns_reactions]