නාලන්දාවේ ජයත් සමගින් කොළඹ පාසල් රැසක විදුහල්පතිට එරෙහි සටන් කරලියට….

Spread the love

කොළඹ නාලන්දා විදුහලේ විද්‍යාලාධිපතිවරයාව ධුරයෙන් ඉවත්කිරිමට ආදිශිෂ්‍ය සංගම් සහ දෙමාපියන් සමත්විමත් සමගින් එය මේ වනවිට කොළඹ සියලුම පාසල්වලට පැතිරගොස් ඇති බව අපට වාර්තා වේ.. කොළඹ සුප්‍රසිද්ධ පාසල් රැසකම මෙම සටන් දිගින් දිගටම ක්‍රියාත්මක වන එහි ආසන්නතම සිදුවිම වාර්තා වන්නේ බොරැල්ල කන්නන්ගර විදුහලෙනි.. පාසල අගාධයට ඇදදැමු හිටපු විදුහල්පතිවරයා පාසලින් නෙරපා දමමින් පාසලේම ආදි සිසුවෙක් එහි විදුහල්පති පුටුවට ගෙන ඒමට එහි ආදි සිසු සංගමය සහ ආදි දෙමව්පිය සංගමය සමත්කම් දක්වා ඇත…

ඒ අතරවාරයේ බිදවැටුනු පාසල නගාසිටුවන්නට පැමිණි විදුහල්පතිවරයා නිසාවෙන් පාසලේ පරිපාලනය පවා බිදවැටිමකට ලක්ව ඇති බව පවසමින් ලිපි රැසක් අප මාධ්‍ය අංශයට ලැබි ඇත. ජනාධිපතිතුමාගේ සිට අධ්‍යාපණ ස්ථරයේ පහළම නිලධාරියා දක්වා යොමුකර ඇති මෙම ලිපි වලින් ඔවුන් ඉල්ලා සිටින්නේ බිද වැටි ඇති පරිපාලනය යලිත් ස්ථාපිත කිරිමට උපකාර ලබාදෙන ලෙසයි. කෙසේවෙතත් විදුහල්පතිවරයා මේ වනවිට ආදි සිසු සංගමයට අවශ්‍ය ආකාරයට පාසල පාලනය කරමින් සිටින බවද එම ලිපිවල සදහන්. 

මේ තත්වය නිසාවෙන් පාසලේ විනය සහ පරිපාලන කටයුතු බිද වැටි ඇති අතර පාසලට ළමුන් පැමිණිම පවා අඩුවි ඇති අතර පාසල් දැරියන් එක්තරා අන්දමක අපචාර ක්‍රියාවන්ට ලක්විමේ ඉඩකඩක්ද නිර්මාණය වි ඇති නිසාවෙන් මේ තත්වය වැළැක්විමට පියවරක් ගන්නා ලෙස ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

පාසලේ දැරියන් දෙදෙනෙක් සිටින අසභ්‍ය දර්ශණ ඇතුලත් විඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරාවට ප්‍රචාරය වන බවත් ඒ පිළිබදව ආචාර්ය මණ්ඩලය කෙතරම් පැමිණිලි කලද විදුහල්පතිවරයා මේ පිළිබදව කිසිදු පියවරක් නොගන්නා බවද සදහන්…

ප්‍රධාන ශිෂ්‍ය නායිකාව පත්කිරිමේ වැඩසටහනටද මේ වනවිට ආදි සිසුන්ගේ දැඩි බලපෑම් එල්ලවි ඇති බව එම ලිපියේ සදහන්.. දක්ෂතාවයට නොව තම පුද්ගලික උවමනාවන් ඉටුකරගැනිමේ අරමුණින් එක්තරා ශිෂ්‍යාවකට ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර ලබාදිමේ සුදානමක් තිබෙන අතර චරිතය පිළිබදව විශාල ගැටළුවක් ඇති එම ශිෂ්‍යාවට එම තනතුර ලබාදුනහොත් එය පාසලේ විනය පද්ධතියට එල්ල වු විශාල තර්ජනයක් බව ඔවුනගේ අදහසයි…

කෙසේවෙතත් එම ලිපිය යොමුකර ඇත්තේ කනන්න්ගර විදුහල මවමෙන් සුරකිමු එකමුතුව යනුවෙන් පිහිටුවාගත් සංවිධානයකින් වන අතර මෙහිදි අප මේ තත්වය පිළිබදව විමසිමට කන්නන්ගර විදුහලේ විදුහල්පතිවරයා සම්බන්ධකරගැනිමට උත්සහ කළද එයද ව්‍යර්ථ විය.

[rns_reactions]