නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….

නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය ජනපති මෛත්‍රි අතින් අද ජනතා අයිතියට….
Spread the love
නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 81 වැනි උදා ගම්මානය වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කොටවෙහෙර, වෙහෙරපුර, නිවාස ව්‍යාපෘතිය අද (21) ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.
අක්කර 6.67 ක් භූමි භාගයක ඉදිකර තිඛෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 32 කින් සමන්විත වන අතර විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමක් සහ විධිමත්ව සකස් කළ ප්‍රවේශ සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විත අංග සම්පූර්ණ ආදර්ශ ගම්මානයක් ලෙස ඉදිකර තිබේ.
නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය. 
ආදර්ශ ගම්මානයේ ඔසු උයන ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක්වූ අතර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරාදීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් නා පැළයක් ද රෝපණය කෙරිණි.
නිවාසලාභීන් වෙත සංකේතාත්මකව යතුරු ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය. 
අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී. නාවින්න, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුථ පලාතේ දේශපාලන නියෝජිතයින් රැසක් ද නිවාස හා ඉදිකිරිම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුථ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.