ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් අද (28) පැවැත්වීමට නියමිතයි. ජනපති නිල නිවසේදී මෙම හමුව සිදුවන්නේ උදෑසන 9 ට බවයි දේශපාලන ආරංචි සදහන් කළේ.
නීතිය හා සාමය පිළිබද අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ඉකුත් සමයේ දිගින් දිගටම විවිධ වාර්තා පළ වුණා. එහෙත් ඉකුත්දා කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකරන අවස්ථාවේ ඔහු ශී‍්‍ර ලංකාවේ රැඳී සිටියේ නැහැ. ඒ, දින 5 ක පෞද්ගලික සංචාරයක් සදහා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා ගොස් සිටි බැවින්.
ඇතැම් වාර්තාවල දැක්වුණේ ඔහු නිල සංචාරයක් සදහා ඉන්දුනිසියාවට ගොස් සිටි බවයි. එහෙත් සිය දියණියන් දෙදෙනා මුණ ගැසීම සදහා ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම සංචාරයේ යෙදී ඇති බවයි අප කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.
ඔහු යළි මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් 25 වනදායි.