නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී

නිධානයක් ගන්න ගිය 7කට වැඩ වරදී
Spread the love

නිධානයක් ගොඩ ගැනීමේ අරමුණින් පොළව හාරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙක්ව ආණමඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.ආණමඩුව – මහඋස්වැව ප්‍රදේශයේ ඉඩමක  කැණීම් කරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් මොවනු සතුව තිබූ විදුලි මෝටරයක්,කැණීම් උපකරණ සහ යාතිකා කටයුතු සඳහා යොදා ගන්නා භාණ්ඩ කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.මහඋස්වැව,මැරුංගොඩ සහ කොට්ටුකච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන්ව ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.