තමන් බුලත්සිංහල ජනතාවට පසුගිය කාලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් උදව් කළ ද පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් බුලත්සිංහල සහ මදුරාවල යන ප්‍රාදේශීය සභා පරාජයට පත්වීම සහ සිය පාක්‌ෂිකයකු වෙනුවෙන් බුලත්සිංහල පොලිසියට ගොස් පැමිණිල්ලක් දැමීමට පැය තුනකට අධික කාලයක් බලා සිටීමට සිදු වූ බැවින් තවදුරටත් බුලත්සිංහල ආසන සංවිධායක ලෙස කටයුතු කිරීමට නොහැකි නිසා තමා එම ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සිය සහයෝගය ලබාදෙන බවත් පාලිත තෙවරප්පෙරුම මහතා යෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කර ඇත.
හෙතෙම තම ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (21) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.
