අභියාචනාධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසිවලට අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ (27) නියෝග කළා. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. කෙසේවෙතත් නඩුවේ දෙවන සැකකරු වන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවාට ඇප හිමිවුයේ නැහැ.