පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශාල අවධානයක් දිනා ගත් ප්‍රදේශයක් ලෙස කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හැදින්විය හැක..
එහි තරගකාරිත්වය කෙසේද යත් එහි බලය පිහිටුවීම මේ වනවිට උභතෝකෝටික ගැටළුවක් බවට පත්ව ඇති අතර එජාපය සමග එක්ව ශ්‍රීලනිපය ප්‍රාදේශීය සභාව තම බලයට නතු කරගනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත…
කෙසේවෙතත් මැතිවරණය නිමාවෙත්ම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩත්වය හිස ඔසවිමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු අතර එහි උච්චතම අවස්ථාව වන්නේ 2018.02.23 දින රාත්‍රී 7.40ට පමණ කොලොන්නාව නිදහස් තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රසන්න මඩවල මහතා මානිගමුල්ල ප්‍රදේශයේ තම නිවස ඉදිරියේදීම මැර ප්‍රහාරයකට ලක්වීමය..
යතුරුපැදියකින් තම මෝටර් රථය පසුපසින් පැමිණි මැර පිරිසක් තරුණ පෙරමුණේ සභාපතිවරයාට සහ එම ගැටුම සමනය කිරීමට පැමිණි ප්‍රදේශවාසීන්ට පොලු වලින් පහරදුන් අතර මඩවල මහතාගේ මවද හිසට සිදුවූ දරුණු තුවාල සමගින් රෝහල් ගත කිරීමට සිදුවිය…
ඒ අනුව මඩවල ගොතටුව පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව පැමිණිලි අංක CIB 2/91/107 යටතේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර නඩු අංක B/89491/2/18 යටතේ අලුත්කඩේ අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත…
අපට වාර්තා වන සිදුවීම මෙලෙසය…
මේ සිද්ධිය සිදුව ඇත්තේ 2018.02.23 දින රාත්‍රී 7.30 – 8ත් වන අතර මඩවලගේ මෝටර් රථය පසුපසින් ආපු යතුරු පැදි කරුවෙක් මඩවලට නිවසින් එලියට එන ලෙස පවසා ඇත.. ඔහු පාරේ තම රථය ධාවනය කරගෙන පැමිණෙද්දී මාර්ග නීති කඩලා ධාවනය ඉස්සර කරන්න පැමිණි අතර මඩවල විසින් බොහොම අමාරුවෙන් අනතුරක් වලක්වාගෙන ධාවකයාට යාමට ඉඩ ලබාදී ඇත…
මඩවල නිවසට පැමිණි පසු ධාවකයා අඩගැසූ බැවින් මඩවල ගෙදරින් එලියට පැමිණ ඇත..

අඩෝ උබ ***** හයිය අරන්ද *සිගේ පුතෝ කියාගෙන ඔහු මඩවලට බැනවැදී ඇති අතර වාර්තා වන අන්දමට මඩවල පවසා ඇත්තේ මල්ලි මෙතනට දේශපාලනය අදාළ නෑ.. ඔයානේ වාහනේ වැරදියට පැද්දේ.. එය කියනවත් සමගම කුපිත වූ ධාවකයා තම ෆුල් ෆේස් හෙල්මට් එකෙන් මඩවලට පහර දී ඇත.. කෙසේවෙතත් මඩවල පහර වළක්වාගෙන උදවු ඉල්ලලා කෑගහනකොට මඩවලගේ ඤාති මල්ලි කෙනෙකුයි ප්‍රදේශවාසිනුයි එතනට ඇවිත් මඩවලට පහරදෙන එක වලක්වා පධාවකයාව පලවා හැර ඇත…..
අනතුරුව කුපිත වූ අදාළ ධාවකයා
*රි *න්නයා තොගේ ****** අපි බය නෑ *ත්තෝ. තොගේ **** *බයට ගිහින් *කපන්. බලාපිය තොට මම කරන දේ කියමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර විනාඩි 05කින් මැරයෝ එක්කගෙන ඇවිත් සියලුදෙනාටම පහරදී ඇත.. මඩවලගේ මවට ඔලුවට පහර වැදී තුවාලත් සිදුවී ඇති අතර ප්‍රදේශවාසින් පිරිසකුත් පහරකෑමට ලක්වඇත.
වාර්තා වන අන්දමට මඩවල සිදුකල පැමිණිල්ලට නිසි ආකාරයෙන් නිතිය ක්‍රියාත්මකව නැත. විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කලේ පොලිසිය විසින් අදාල විත්තිකරුවන් 12 දෙනා අතරින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉර්ෂාඩ් නමැති තරුණයෙකු පමණක් වන අතර 2018.02.25 දින ගොතටුව ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමක් විසින් එක් අයෙකු පොලිසියට භාරදී ඒ සමගම ඔහුට ඇප ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත
එම සැකකරුවා ඩිල්ෂාන් වන අතර, ඔහුගේ සීයා මේ වන විට එම විහාරස්ථානයේ කටයුතු වල නිරත වෙලා ඉන්න බැවින් මේ සියා වෙනුවෙන් පන්සලේ හාමුදුරුවෝ සැකකරුවන් රකින්න ක්‍රියා කරනවා යැයි ප්‍රදේශවාසියෙක් අප සමග පැවසිය…
ඉහත විත්තිකරුවන් දෙදෙනා 2018.02.26 වන දින අලුත්කඩේ අංක 04 උසාවියට ඉදිරිපත් කළ අතර අවසානයේ පොලිසිය ඔවුනට ඇප ලබාදෙන්න කටයුතු කර ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කලේ මේ සිදුවීම පසුපස පොහොට්ටුවේ වගේම එජාපයේ පැත්ත හොල්ලගෙන ඉන්න අයියලා සෙට් එකක් සිටින බවයි….
මඩවලට පහරදුන් සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවන් වන චානක නොහොත් අක්කු සහ ලහිරු නොහොත් ගඩ්ඩා, ඩිල්ෂාන්, චානක ඇතුලු වෙනත් කිසිදු සැකකරුවකු අත්අඩංගවට ගන්න පොලිසිය සමත් වී නැත..
විහ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව මඩවලට පහරදුන් ලහිරු නොහොත් ගඩ්ඩා කියන පුද්ගලයා මත්දුව්‍ය විකුණන අයෙක් ලෙස ප්‍රකට වී ඇති අතර පොලිසිය මොවුන්ව අත්අඩංගුවට නොගන්නනා බවටද චෝදනාවක් ඇත..
කෙසේ වෙතත් එහි ප්‍රතිපලයක් ලෙස ගොතටුව, මානිගමුල්ල, ඇල්හේන, මාදින්නාගොඩ ප්‍රදේශවල අද පාතාල ක්‍රියා, මත්දුව්‍ය අලෙවි කිරීමේ මධ්‍යස්ථාන අතු පිපෙන්නාක් මෙන් වැඩි වී ඇත…
පසුගිය මැතිවරණයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවන්න කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපති ලෙස උපරිම දායකත්වයක් ලබාදුන් මඩවලට සිදුකල පහරදීම ලබපු පරාජයත් එක්ක නිදහස් පාක්ෂිකයා බියගන්වන්න සිදුකරන ක්‍රියාකාරකම් රැල්ලක උපරිම සිදුවීමක් ලෙස සදහන් කල හැක..