නීතිය හා සාමය භාරගන්න රනිල්ගෙන් ෆොන්සේකාට අැරයුමක්වත් නෑ.. හෙලිදරවුව මෙන්න..

නීතිය හා සාමය භාරගන්න රනිල්ගෙන් ෆොන්සේකාට අැරයුමක්වත් නෑ.. හෙලිදරවුව මෙන්න..
Spread the love

නිතිය හා සාමය අමාත්‍යාංශය භාරාගන්නා ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කිසිදු අාරාධනාවක් රනිල් පාර්ශවයෙන් ලැබී නැති බව ෆොන්සේකා මහතාගේ සමීපතමයෙක් අපට පැවසීය..

ඔහු වැඩිදුරටත් සදහන් කළේ මාධ්‍ය ඔස්සේ අැතැම් නායකයන් කරන ප්‍රකාශ හාස්‍යජනක බවත් නිතිය හා සාමය අගමැති භාරයේ හෝ ගජමිතුරන් වන කිරිඅැල්ල සාගල වැනි අැමතිවරයකුට ලබාදීම රනිල්ගේ අරමුණ බවත් මේ වනවිට ජනතාව වටහාගෙන අැති බවයි. තවදුරටත් මාධ්‍ය ඉදිරියේ අසත්‍ය ප්‍රකාශ කර අවසානයේ ජනතාව නොමග යවමින් රාජපක්ෂ කල්ලිය අාරක්ෂා කිරිම රනිල්ගේ අරමුණ බවද අපට අදහස් දැක්වු ඒම සමීපතමයා වැඩිදුරටත් සදහන් කළේය..