නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇත්තේ සති දෙකක කාලයකට බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි….
අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය රනිල් අමතමින් කරන ලද ඉල්ලීමක් නිසා එම ගැටලුව විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.
කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ජනපති සුබ පතයි !
අලුතින් පත් කරන ලද කැබිනට්, රාජ්‍ය හා නියෝජ්ය ඇමතිවරුන්ට සුබ පතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය මණ්ඩලයේද ඉතා ඉක්මන් වෙනස්කම් සිදුවනු ඇතැයි පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නික්තුකර තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනස්කම් තවත් සති දෙකකින් සිදුවන බව මේ අතර ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.