Deprecated: Function WP_Dependencies->add_data() was called with an argument that is deprecated since version 6.9.0! IE conditional comments are ignored by all supported browsers. in /home/u994491065/domains/supirigossip.com/public_html/wp-includes/functions.php on line 6131
නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්... - Supiri Gossip
Friday, 5 December 2025

නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…

නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…
Spread the love

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි.

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන පැමිණිලිවල නිර්දේශ ලබා දීම ප්‍රමාද වන බවට නැඟෙන චෝදනා ගැන ද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආචාර්ය උඩගම මහත්මිය ප්‍රකාශ කළේ මානව සම්පත්වල හිඟතාවය නිසා එවැනි ප්‍රමාදවීම් සිදුවන බවයි.

‘‘ ස්වාධීන කොමිෂන් සභාවක් විදියට අපිට අවශ්‍ය සම්පත් ගන්න දීර්ඝ පටිපාටියක් තියෙනවා. පැමිණිලි 5000කට වැඩි ගණනක් ආ බව අපි කිව්වා. ඒවා හැම එකක් ගැනම අවධානය යොමු කරලා විභාග කරද්දි මානවසම්පත් ප්‍රශ්නයත් එක්ක කාලයක් යනවා. අපි මේ ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවත් දැනුම්වත් කර තිබෙනවා. ‘යැයි ද උඩගම මහත්මිය කීවාය.