ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පුහුණුකරුවෙක් ද වූ නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන චෝදනා තුනකට වරදකරු වී ඇති බව වාර්තාවේ.
2018 වසරේ නොවැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් නුවන් සොයිසාට එරෙහිව චෝදනා ගොනු කළේය. තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම ඇතුළු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ල විය.
අනතුරුව ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදු කළ පරීක්‍ෂණයකින් පසුව ඔහු වරදකරු බවට තීන්දු කර ඇත.
නුවන් සොයිසා වරදකරු වීමට අදාළ වගන්ති පහත පරිදි වේ. 2.1.1 වන වගන්තිය – තරඟයක ප්‍රතිපලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් අංශ (ය) නුසුදුසු ලෙස නිවැරදි කිරීමට හෝ සැලසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට එකඟතාවයකට හෝ උත්සාහයකට පක්ෂ වීම.2.1.4 වගන්තිය – 2.1 වන වගන්තිය උල්ලංගණය කිරීම සඳහා ඕනෑම සහභාගිවන්නෙකුට සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම.2.4.4 වන වගන්තිය – කේතය යටතේ දූෂිත හැසිරීම් වල යෙදීමට ලැබුණු ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු ACU වෙත අනාවරණය කිරීමට අපොහොසත් වීම.
නුවස් සොයිසාට තවදුරටත් තරග තහනම ක්‍රියාත්මක අතර පනවන දඩුවම් සම්බන්ධයෙන් ඉදිරියේ දී කඩිනමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

