හෙට සිට ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.
ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්රකාශය කිරීමටත් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.
මෙම තීරණය පිලිබදව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු මන්ත්රීවරුන් පිරිසක් ප්රසාදය පල කරත් අනෙක් බහුතර මන්ත්රීවරුන් මෙයට විරුද්ධ වී ඇත.මහින්ද රාජපක්ෂ නිදහස් පක්ෂයෙන් ඉවත් වුවහොත් ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්රිධුරයද අහිමි වන අතර අනෙක් මන්ත්රීවරුන් ඔවුන්ගේ පාර්ලිමේන්තු අසුන මහින්ද වෙනුවෙන් පුජා කිරීමට අකමැත්තක් දක්වා ඇත.
මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.
හෙට දිනයේ මෙම සිදුවීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ බහුතර ශි ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් මහින්ද හැරදා නිදහස් පක්ෂයට හේත්තු වී පාර්ලිමේන්තු අසුනේ රැදෙනු ඇත.

