නමුදු ශ්‍රීලනිප මන්ත්‍රී ජෝන් සෙනවිතරත්න මහතා ප්‍රකාශ කලේ පොදුජන පෙරමුණ තුලින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට 16 දෙනාගේ කණ්ඩායමට අවස්තාව ලබාදෙන බව හිටපු ජනපතිවරයා පොරොන්දු වූයේ යැයිද. දේශපාලනය යනු එය යැයිද, එම නිසා එම පිරිවර පිලිගත යුතු යැයිද හිටපු ජනපතිවරයා ප්‍රකාශ කල බව සඳහන් කරන ලදී.
මේ ආකාරයට ඒකාබද්ධ විපක්ෂය තුල 16 දෙනාගේ කණ්ඩායම දෙආකාරයකින් පිලිගන්නා අතර නියෝජ්‍ය කතානායක ධූරය සඳහා මන්ත්‍රීනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා කිරීමට දැනුම්දුන්නේ හිටපු ජනපතිවරයා බව සඳහන් වුනි. ඒ පිළිබඳවද බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ අතර ඒකාබද්ධ කණ්ඩායම් හමුවේදී වචන හුවමාරුවක් සිදුවූ බව දැනගන්නට ඇත. මේ ආකාරයට ඒකාබද්ධයේ දේශපාලන පරිසරය යම් කැළඹිලි ස්වබාවයක් පෙන්නුම් කරන බව පෙනෙන්නට ඇත.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය ගන්නා පොදු තීන්දු උල්ලංඝනය කරමින් කල්ලි කණ්ඩායම් හදන්නට ගියහොත් තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඇතැම්විට එය තමන්ගේ නායකත්වයෙන් බිහිවන අලුත් දේශපාලන පක්ෂයක් විය හැකි යැයිද මහින්ද අනතුරු ඇඟවීය.
ඔහු මෙම ප්‍රකාශය කළේ නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්දයේදී සිය කණ්ඩායමේ ඇතැමුන් පක්ෂ මතයට අනුව ඡන්දය නොදීම සාධාරණීකරණය කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කරුණු දැක්වූ අවස්ථාවේදීය.
මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා විපක්ෂයට පැමිණි 16 දෙනාගේ කණ්ඩායම සෙසු පක්ෂ නායකයන් හමුවුවද පොහොට්ටුවේ නායකයන් මුණ නොගැසීම ගැන දොස් පැවරීය. එවිට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ ඔවුන් තමා මුණගැසුණු වගය. තමන්ගේ නායකත්වය ඡන්දය නොදුන් කණ්ඩායම නොපිළිගන්නේදැයි හෙතෙම එහිදී දැඩි ලෙස ප්‍රශ්න කර ඇත. තම නායකත්වය නොපිළිගන්නා අය වෙත්නම් ඒ බව තමන්ට දන්වන ලෙසද මහින්ද රාජපක්ෂ මහතා කීය. පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සතු 2/3ක බලය අහිමි කිරීමට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ සහාය ලබාගත යුතුම යැයි මහින්ද ප්‍රකාශ කර තිබිණි.

