පක්ෂ නායක රැස්වීමකින් පසු අද (19) පෙරවරුවේ ආරම්භ වූ පාර්ලිමේන්තු රැස්වීම මේ වන විට හදිසියේ විනාඩි කිහිපයක් සඳහා කල් තැබීමට පියවර ගත්තා.
න්‍යාය පත‍්‍රයට අනුව ලිපිලේඛණ පිලිගැන්වීමෙන් අනතුරුව ප‍්‍රධාන කටයුතු ආරම්භ කිීීරීමට නියමිත අවස්ථාවේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළා.
ඒ, රට තුළ පවතින දේශපාලන අස්ථාවරභාවය පිළිබඳ අද දිනයේ විශේෂ විවාදයක් පවත්වන ලෙසයි.
ඊට අදාළව ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කථානායකවරයා වෙත භාර දුන් බවද දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා එහිදී ප‍්‍රකාශ කළා.
එම අවස්ථාවේදී සභාවේ රැඳී සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් සිය අසුන්වලින් නැගිට එම යෝජනාවට සහාය පළ කළා.
එම අවස්ථාවේ නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල කියා සිටියේ අද උදෑසන පැවැති පක්ෂ නායක රැස්වීමට එවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවූ බවයි. ඒ අනුව යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා සභාවේ කටයුතු විනාඩි 15කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළා.
ඒ අනුව යළිත් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.

