පටලගත්ත රනිල් නිසා පැය කිහිපයක් තුළ ඇමති අජිත්ගේ දුන් දිවුරුම වෙනස් වූ අයුරු මෙන්න…

පටලගත්ත රනිල් නිසා පැය කිහිපයක් තුළ ඇමති අජිත්ගේ දුන් දිවුරුම වෙනස් වූ අයුරු මෙන්න…
Spread the love
නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරාගේ විෂය පථය වෙනස් වනු ඇතැයි වාර්තා වනවා. 

අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් අද (26) දිනයේ විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේක රනිල්ට වරදිලා වගේ දීපු එකක්. රනිල් ගොඩක් ඒවා අවුල් කරගෙන තියෙන්නේ..මේක පටලවගෙන දීපු එකක්.” යනුවෙනි.

නව සංශෝධනයට අනුව අජිත් පී. පෙරේරාට හිමිවූයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්නකරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යධූරයයි.

ඔහු මීට පෙර විදුලි බල හා පුණර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.