අපි අමාත්‍ය ධුරවල හැමදාම ඉන්නෙ නැහැ. එහෙත් ඇමැතිකමෙන් සමුගන්නා දිනය දීර්ඝ කරගැනීමට වැඩ කළ යුතුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි එකතු වෙලා ඡන්දයට යා යුතු බව මම යෝජනා කළා. නමුත් ඊට වඩා ලොකු බක පණ්ඩිතයො අපිට දේශපාලනය උගන්වන්න ගියා. අන්තිමට අන්දමන්ද ප්‍රතිඵලයක් ලැබුණා යැයි රාජිත සේනාරත්න පසුගියදා (21දා) පානදුරේදී පවසා සිටියේය.
පානදුර ප්‍රදේශයේ තරුණ සමිති, කාන්තා සමිති, විහාරස්ථාන සහ අවමංගල්‍යාධාර සමිති සඳහා උපකරණ බෙදාදීම සඳහා පැවැති උත්සවය අමතා රාජිත සේනාරත්න මහතා මෙසේද කීවේය.
ඡන්ද ප්‍රතිඵලයෙන් අපට පාඩමක් කියා දුන්නා. ඡන්ද ප්‍රතිඵලය හොඳින් තේරුම් ගෙන දැන් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා.
2020දී පවත්වන මැතිවරණය ඒකාබද්ධ විපක්ෂයට ජය ගන්න බැහැ. මුස්ලිම් හා දෙමළ ජනතා මනාපය ඔවුන්ට ලබාගන්න බැහැ. ඒ ඡන්ද නැතිව ඔවුන්ට සියයට 50 ගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සියලු බලවේග එකතු කරගෙන මැතිවරණය ජයග්‍රහණය කරනවා.
අපි දැන් පාඩම් ඉගෙනගෙන තියෙන නිසා දැන් හොඳ ගමනක් යන්න පුළුවන්. කලින් වගේ බෙදිල වෙන්වෙලා තරග කළොත් පරාද වෙනවා. ජනතාව සමඟ නිවැරැදි වැඩපිළිවෙළකට යා යුතුයි.
ලබන සතියේදී පූර්ණ කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනවා. විද්‍යාත්මක හැදෑරීමක් අනුව සකස් කර තිබෙන මෙම නව කැබිනට් මණ්ඩලය පිළිබඳ ලේඛනය ජනාධිපතිතුමා බි්‍රතාන්‍යයේ සිට පැමිණි පසු සාකච්ඡා කරනවා. අනතුරුව මැයි මුල දිවුරුම් දෙනවා.නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසු එක වැඩපිළිවෙළක්, එක ගමනක් අනුව ඉදිරි මැතිවරණ අරමුණු කරගනිමින් ආණ්ඩුව නව වැඩපිළිවෙළකට යනවා
