පරාජයත් සමග කෝලි ඇතුළු ඉන්දීය ක්‍රීඩකයන්ගේ නිවාස වලට පොලිස් ආරක්ෂාව…

Spread the love

සියලුම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස අසලට පොලිස් ආරක්ෂාව ලබා දීමට ඉන්දීය පොලිසිය තීරණය කර තිබෙනවා. මෙයට හේතුව පොලිසිය මෙතෙක් අනාවරණය කල පරිදි  ඉන්දීය NDTV රුපවාහිනිය විසින් ප්‍රකාශ කලේ අද පැවැති  ශුරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව පරාජය වීමත් සමග ඉන්දීය ජනතාව කුපිත වී මෙම නිවාස වලට අලාභානි කල හැකි බැවින් මෙලස පොලිස් ආරක්ෂාව යොදවන්නට ඇති බවයි.

මිට පෙර අවස්ථා කිහිපයකදීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට මෙවැනි පහරදීම් වාර්තා වූ නිසා මෙම ක්‍රියා කලාපය පොලිසිය විසින් ගන්නට ඇති බවට සැකයක් මතුවී ඇති අතර  ඇතැම් විට හමුදා ආරක්ෂාවද මෙම නිවාස වලට යෙදවීමට ඉන්දියානු බලධාරීන් තීරණය කරනු ඇතැයිද ඉන්දීය මාධ්‍යය අනාවරණය කර තිබෙනවා.

[rns_reactions]