පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි
Spread the love

 මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට  මනතිව්  කොට්ඨාශයෙන්  තරග කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්ව ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස ඊයේ ( 12 ) තර්ජනය කර ඇත.
 
මෙම පරාජිත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන්  ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් තමාට ඡන්දෙ නොදුන් කිසිම කෙනෙක් එහි ක්‍රීඩා නොකරන ලෙසටත්  ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.
 
වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි.