මුලතිව්, පුදුකුඩිඉරිප්පු, විශ්වමඩු උපතැපැල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් පුද්ගලයෙකු හරහා ඡන්ද හිමියන්ට ලබාදීමට නියමිතව තිබුණද, එම ඡන්ද පත්‍රිකා මුලතිව් විශ්වමඩු තේරාවිල් ප්‍රදේශයේ නිවසක දමාගොස් තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද (25දා) සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදාළි නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
