පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය

පහේ ශිෂ්‍යාධාරය රු.250 කින් වැඩිකරන්න කැබිනට්‌ අනුමැතිය
Spread the love

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී සිසුන් වෙනුවෙන් ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට රුපියල් 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබුණු බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (03 ) පැවැසීය.

මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාරය මෙන්ම ශිෂ්‍යාධාර සංඛ්‍යාවද වැඩි කිරීමට අනුමැතිය ලැබුණු බවද ඇමැතිවරයා කීවේය.

කැබිනට්‌ මණ්‌ඩල අනුමැතියට අනුව අඩුආදායම්ලාභී දරුවන් පහළොස්‌දහසකට මාසිකව රුපියල් 750 බැගින් උසස්‌ පෙළ දක්‌වා ශිෂ්‍යාධාරය හිමිවෙයි. මෙම ශිෂ්‍ය සංඛ්‍යාව තිස්‌දහස දක්‌වා වැඩි කිරීමට අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී නැත.