නේපාලයේ පැවැත්වෙන අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධාණය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකා ලයන් කණ්ඩායම සහ ඉන්දියා ස්ටාර් කණ්ඩායම් අතර තරඟය ලකුණු 53 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමත් වී ඇත.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම තම පන්දුවාර 20 තුල 154-7 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියා ස්ටාර් කණ්ඩායමට ලබාගැනීමට හැකිවී ඇත්තේ පන්දුවාර 15 ක් තුල සියලුදෙනා දැවී ලකුණු 101ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් Samarakkody ලකුණු 59 පන්දු 44 තුල ලබාගත් අතර Vishva Gayashan (33) සහ Dinesh Nakrani (30) බැගින් ලබාගැනීමට සමත් විය.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Amar Karanwal පන්දු 19ක් තුල ලකුණු 20 ක් ලැබීමට සමත් විය.තරඟයේ වීරයා බවට පත්වූ සමරක්කොඩි ඉන්දීය කඩුලු 3ක් ලකුණු 15 කට බිඳ දැමීමට සමත් විය.
තරඟාවලියේ ඊයේ පවතී අනෙක් තරඟයේ ජය ඇෆ්ගන් බුල්ස් කන්ඩායම ලකුණු 3කින් පරාජය කල බංගලි ටයිගර් කණ්ඩායමට හිමි විය.
[rns_reactions]

