පළමු T20 තරගයේ ජය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට

පළමු T20 තරගයේ ජය බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට
Spread the love

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (4) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 04කට ලකුණු 196ක් වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1කදී සියලු දෙනාම දැවී රැුස් කළේ ලකුණු 171ක් පමණයි.