පළාත් පාලන බලය පිහිටුවීම ගැන නිදහස් සන්ධානයෙන් පොදුජන පෙරමුණයට යෝජනාවක්..

පළාත් පාලන බලය පිහිටුවීම ගැන නිදහස් සන්ධානයෙන් පොදුජන පෙරමුණයට යෝජනාවක්..
Spread the love

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක් වී හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීමටයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ.

එම මහ නගර සභාවේ මෙවර ආසන බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට මන්තී‍්‍ර ආසන 9 ක්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මන්තී‍්‍ර ආසන 7ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍ර ආසන 4ක් ලෙසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු එක් වී මන්තී‍්‍ර ආසන 11ක් ලබාගෙන එහි බලය පිහිටුවීමට සූදානම් බවයි හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු  පැවසුවේ.

මෙම තීරණය පිළිබඳව අප ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් විමසීමක් කළා. හම්බන්තොට මහ නගර සභාව සඳහා එම පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ගාමිණී ශී‍්‍ර ආනන්ද  පැවසුවේ පක්ෂයේ දේශපාලන නායකත්වයෙන් විමසා ඒ පිිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.