පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා

පළාත් පාළන ආයතන සඳහා තේරීපත් වූ සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ 50ක්… වැඩ කරල පෙන්නුවොත් 100 දක්වා
Spread the love

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ එක් මන්ත්‍රීවරයෙකුට කොට්ටඨාෂයේ සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් ලබාදීමට කටයුතු සකස් කරන බවත් ඔවුන් එම මුදලින් හොඳින් වැඩ කරනවා ද කියා සොයා බලා වංචා දූෂණ නැතිව හොඳින් වැඩ කගහොත් ඒ අයට ලක්ෂ 100 ක මුදලක් දීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (01) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ ජනපද කනිෂ්ඨ විද්‍යාලයට “පිබිදෙමු පොළොන්නරුව” සංවර්ධනන වැඩසටහන යටතේ ලබා දී ඇති රුපියල් ලක්ෂ 60 ක වියදමින් ඉදි කරන ලද නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේය. 

මේ කටයුතුවලදී තමන් බලාපොරොත්තු වන්නේ සෑම කෙනෙක් අතින්ම එම කටයුතු අවංකව, හොඳින් ඉටු වෙනවා ඇතැයි යන්න බවද දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව එදත් කටයුතු කළ බවත් අද මෙන්ම හෙටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන බවත්  ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.