එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී, කොටිකාවත්ත, මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ප‍්‍රබල කි‍්‍රයාකාරීන් රැසක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කළහ.
(10) පෙරවරුවේ ජනාධිපති නිල නිවස වෙත පැමිණි සිය දෙනෙකුට ආසන්න මෙම කණ්ඩායම ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ අතර එම වැඩපිළිවෙළ සඳහා තම උපරීම සහය ලබාදෙන බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කළහ.
ඔවුන් වෙත ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පිරිනැමීම ද සංඛේතාත්මකව ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, කොළොන්නාව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
https://www.facebook.com/supirigossip1/videos/1555909954444605/


