දකුණු අප්‍රිකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට පැමිණීමට පෙර සිටම ක්‍රිකට් විචාරකයන්ට සහ දකුණු අප්‍රිකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමෙන් මෙපිට විකල්පයක් තිබුනේ නැත.
එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමුතැනට ශ්‍රේණි ගතවී සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයන් චැම්පියන්ස් කුසලානය ඇරඹීමට පෙර ප්‍රකාශ කලේ මෙවර තරඟාවලියේ තම කණ්ඩායමේ දක්ෂතා වලට පැහීමට තරම් වන ප්‍රතිවාදියෙකු නැති බවයි.
තරඟාවලියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකාවේ දුර්වලතා නිසා ජයගත් දකුණු අප්‍රිකාව දෙවන තරඟයට මුහුණ දුන්නේ පකිස්ථාන කණ්ඩායමටයි.පකිස්ථානය යනු මෙම තරඟාවලියට මුහුණ දෙන කණ්ඩායම් වලින් පහළින්ම ශ්‍රේණි ගත වී සිටින කණ්ඩායම වන අතර දකුණු අප්‍රිකාව යනු තරඟාවලියේ ඉහලින්ම ශ්‍රේණිගත වී සිටින කණ්ඩායමයි.
මේ සියලු කාරනා මත ඊයේ තරඟය ආරම්භයේ බොහෝ දෙනා දුටුවේ දකුණු අප්‍රිකා පකිස්ථාන තරඟය තනි අශ්වයකුගේ තරඟයක් ලෙසය.
නමුත් සිදු වුයේ අනිකකි.පකිස්ථාන පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම අසරණ වෙමින් ලකුණු 219 කට සීමා වූ අතර ඩේවිඩ් මිලර් ලබාගත් ලකුණු 75 සහ,මොරිස්ගේ සහ රබාඩාගේ ඉනිම් නොවන්නට ලෝකයේ හොඳම පිතිකරණ බලකායේ ඉරණම මීට වඩා දැඩි ලෙස අඳුරු වන්නට තිබිණි.
ලකුණු 220 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට වර්ෂාව 27 වන පන්දුවාරය වනවිට බාදා කලද ඒ වන විට පකිස්ථානය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලබාගත යුතු ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 19 කින් ඉදිරියෙන් සිටි නිසා පකිස්ථානයට ජයග්‍රහණය හිමි විය.
මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ඉදිරියට යාමට නම් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව සමඟ තරඟය ජය ගැනීම අනිවාර්ය වනු ඇත.
[rns_reactions]