පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි

පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා මියයයි
Spread the love

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ සුපිරිම පාපන්දු තරුවක් වන ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා අද (25) දින මියගියා. මියයන විට 60 වැනි වියේ පසු වූ පාපන්දු තරුවගේ මරණයට හේතුව වශයෙන් සදහන් වන්නේ හෘදයාබාධයක්.

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දක්වා ඇති අතර 1986 වසරේ දී ආර්ජන්ටිනාවට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල්විය.