පාපන්දු කිරුළ සොයමින් රොනාල්ඩෝගෙන් ඉතිහාසගත ගෝලයක් – උරුගුවේ කී‍්‍රඩකයෙකු අමුතු රංගනයක…

පාපන්දු කිරුළ සොයමින් රොනාල්ඩෝගෙන් ඉතිහාසගත ගෝලයක් – උරුගුවේ කී‍්‍රඩකයෙකු අමුතු රංගනයක…
Spread the love

රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ස්පාඤ්ඤය අද (21) අලූයම සමත් වුණා. ඒ, ගෝල 1-0 ක් ලෙස ඉරානය පරාජයට පත් කරමින්. ස්පාඤ්ඤය වෙනුවෙන් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ දියාගෝ කොස්තා. ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ 3 වන ගෝලයද මෙය වනවා.

මේ අතර පෘතුගාලය ද ඊයේ (20) සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කළා. ඒ, ගෝල 1-0 ක්  ලෙස මොරොක්කෝ කණ්ඩායම පරාජය කරමින්. පෘතුගාලය වෙනුවෙන් නායක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළා. ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ සිවුවන ගෝලයද මෙයයි. රොනාල්ඩෝ ඉතිහාස ගත වූයේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ගෝල 4ක් වාර්තා කළ දෙවන පෘතුගාල කී‍්‍රඩකයා ලෙයසි. 1996 වසරේදී එවුසෙබියෝ නෙටඩි ගෝල 4ක් වාර්තා කළා. මොස්කව් නුවර පැවති මෙම පෘතුගාල සහ මොරොක්කෝ කණ්ඩායම අතර තරගය නැරඹීමට පාපන්දු ලෝලීන් 78,000 ක් පැමණ සිටියා.

මේ අතර මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සෞදි අරාබියට ඊයේ සිදු වුණා. එ් උරුගුවේ කණ්ඩායම හමුවේ පරාජයට පත්වීමත් සමගයි. උරුගුවේ කණ්ඩායම තරගය ජය ගත්තේ ගෝල 1-0 ක් ලෙසයි. ලූයිස් සුවාරිස් ජයග‍්‍රාහී ගෝලය වාර්තා කළේ 23 වන මිනිත්තුවේදීයි. තරගයේ ජයග‍්‍රාහණයේ සතුට ලූයිස් සුවාරිස් සැමරූ ආකාරය පිළිබවද ඊයේ වැඩි අවධානයක් යොමු වුණා. ඔහු සිය බිරිද සිහිපත් කළේ පාපන්න්දුව සිය කමිසය යට සගව ගනිමින්.