පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි

පාසල් දරුවන්ට ‘ටැබ්’ ලබාදීමේ වැඩ පිළිවල යලි උඩ එයි
Spread the love

මෙරට අධ්‍යාපනයේ අනාගතය දැන් තියා හඳුනාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් මේ වන විටත් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පෙළින් උසස් පෙළට පැමිණෙන සෑම දරුවෙකුටම ටැබ් පරිගණකයක් ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වී තිබූ බවත් එය හදිසියේ නතර කිරීමට සිදු වුවත් යළිත් වතාවක් තමා එම යෝජනාව පසුගියදා ඉදිරිපත් කළ බවද සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට හැකි වෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන අතර මෙම ක්‍රියාමාර්ගය සමගින් මෙරට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදුවෙනු ඇති බවද සඳහන් කරන ලදී.මේ අතර හය ශ්‍රේණියෙන් ඉහළ සියලූම පාසල්වලට පරිගණක බෙදා හැරීමට තවත් මාස කිහිපයක් ඇතුළත පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පුකාශ කරන ලදී.