පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!

පාසල් දැරිය තමන් දූෂණය කළ පුද්ගලයා සමග පැන යයි!
Spread the love

ස්‌ත්‍රී දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්ව සිට මවට බාරදී තිබූ බාලවයස්‌කාර දැරියක්‌ ඇයව දූෂණයට ලක්‌කළ පුද්ගලයා සමගම පළාගොස්‌ ඇති බවට මාදම්පේ පොලිසියට පැමිණිල්ලක්‌ ලැබී තිබේ.

එම දැරියගේ මවගේ සහෝදරියගේ සැමියා වන මාදම්පේ ගල්මුරුව කච්චකඩුව පදිංචි අයකු පැමිණිලිකරු වෙයි.

මෙම දැරිය උඩප්පුව පොලිස්‌ වසමේ පදිංචිව සිටියදී එම ප්‍රදේශයේ අයකු සමග සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර ඔහු අතින් දූෂණයට ලක්‌ව පරිවාස භාරයට පත්කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පුත්තලම අධිකරණයේ නඩුවක්‌ පවතින බවත් පැමිණිල්ලෙන් කියා තිබේ.

වයස අවුරුදු 15 යි මාස 07 ක්‌ වයසැති දැරියව ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට පරිවාසයෙන් දැරියගේ මවගේ බාරයට පත්කර ඇතැයි ද පසුගිය අප්‍රේල් 05 දින සිට ඇය තම නිවසේ පදිංචිව සිටිමින් පාසල් ගිය බවද පැමිණිල්ලේ දැක්‌වෙයි.

ජුනි 02 දින රාත්‍රියේ දැරිය නිවසේ නොමැති බව තම බිරිඳ කී බවත් ඉදිරි දොර හැර බලන විට ඇය නිවස ඉදිරිපිට මාර්ගයේ එම පුද්ගලයා සමග යතුරුපැදියක නැග යනවා දුටු බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.