නිකවැරටිය නගරාසන්නයේ ලැගුම්හලක් වටලා බාල වයස්කාර පාසල් සිසුවියක් සහ ඇය එහි රැගෙන පැමිණි 23හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනිමට නිකවැරටිය පොලිසිය සමත් වී තිබේ.
නිකවැරටිය බුදුමුත්තාව ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල ට නිරන්තරයෙන් පාසල් සිසුවියන් රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
ඒ අනුව විමසිල්ලෙන් සිටි පොලිසිය පසුගිය දිනෙක මෙම වැටලීම සිදුකර ඇත.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය රෝහලට ඇතුලත්කර ඇති අතර අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයා 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
සැකකරු බුදුමුත්තාව ප්‍රදේශයේ ම පදිංචි එච් පී ඩී සාලින්ද නැමැති අයෙකි.
ලැගුම්හලේ හිමිකරු ද රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.