විමල් වීරවංශ මහතා පාස්පෝර්ට් ප්රශ්නයෙන් බේරුණේ අගමැතිවරයාට පිංසිද්ධ වෙන්න යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. ඔහු මේ බව කීවේ ඊයේ පැවැත්වුණු පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි…
ඡන්ද ප්රතිඵලය ආශිර්වාදයක් ලෙස බාරගෙන රට ඉදිරියට කරගෙන යා යුතු බව ද මන්ත්රීවරයා කිවේය.
මුජුබර් රහුමාන් මහතා මෙසේ ද කීවේ.
‘‘පොදුජන පෙරමුණට වඩා ඊට විරුද්ධව විශාල ජනමතයක් තිබෙනවා. 55 % කට එහා ජනමතයක් තිබෙනවා. මැතිවරණයෙන් යම් පණිවිඩයක් දෙනවා. වංචා දූෂණ සෙවීම ඉෂ්ඨ නොකිරීම ගැන යම් අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා.
විමල් වීරවංශ මහතා විවිධ දේ කිව්වා. අගමැතිවරයාට පින්සිද්ධ වෙන්නයි පාස්පෝට් සිද්ධියෙන් බේරුණේ. නැතිනම් ඉන්න වෙන්නේ බන්ධනාගාරේ.
ඒ නිසා අපි නැවත 2015 ජනවාරි අට ජනමතය යළි ආරම්භ කළ යුතුයි. මේ රටේ ජාතිවායට පැසිස්ට් වාදයට එරෙහිව කඳවුරක් තිබෙනවා. මේ මැතිවරණය පටන් ගත්තු දවසේ ඉඳන් ජාතිවාදය අවුස්සන්න පුලුවන්ද බැලුවා. අපි එය පරාජය කළා. මේ තීන්දුව ආශිර්වාදයක් විදියට අරගෙන රට හරියට ඉදිරියට ගෙන යා යුතුයි. ‘යයිද මුජිබුර් රහුමාන් මහතා පැවසීය.

