දිවයිනෙ ප්‍රදේශ කියිපයකින් වාර්තා වන ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් වෛරසය මෙරටට ආගන්තුක වෛරසයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
පසුගිය දිනවල දී දිවයිනේ ස්ථාන කිහිපයකින් එම වෛරසය ආසදානය වූ රෝගීන් වාර්තා වු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. සෑම වසරකම දෙසැම්බර් සිට පෙබරවාරි කාලය තුළ සහ මැයි සිට ජූලි දක්වා කාලය තුළ එම වෛරසය පැතිර යන බව එම නිවේදනයේ සඳහන්. පාරිසරික හා කාළගුණික වෙනස්වීම් මත වෛරසය පැතිර යන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
මේ අතර ඉල්ෆ්ලූවෙන්සා එන් වන් එච් වන් වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.