පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…

පිටරැටියන්ට මවුබිම සින්නක්කරව විකුනපු මහින්දට ජනපති මෛත්‍රිගෙන් දරුණු ප්‍රහාරයක්…
Spread the love

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්ල කළ චෝදනාවක් සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී ප‍්‍රතිචාර දැක්වුවා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතලේ ප‍්‍රදේශයේ සංවිධාන කළ ජනහමුවකදීයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ “මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ පෙරේදා රැස්වීමකදී කිව්වා..’මේ ජනාධිපතිට බෑනේ මේ රටේ කුණු ගොඩවල් ටිකවත් ඉවත් කරගන්න..’ ජනාධිපති ඉන්නේ කුණු ගොඩවල් අයින් කරන්න නෙමෙයි අපේ හාමුදුරුවනේ..හැබැයි මට කලින් හිටපු ලොකු මහත්තයා.. කුණු ගොඩවල්වලටත් අත තියපු බව මම දන්නවා..අපිට කියනවා රට විකුණනවාලු..ඔබෙත් මගෙත් මාතෘ භූමියේ රජකම් කළ කිසි රජෙක් ජනාධිපතිකම් කළ කිසි ජනාධිපතිවරයෙක් මේ රටේ බිම් අඟලක් ලෝකයේ තවත් රටකට විකුණලා නෑ.. රාජපක්ෂ මහත්තයා තමයි සින්නක්කර දුන්නේ කියන එක මම විවෘතව කියනවා.” යනුවෙනි.