පිය සෙනහස නොලද දියණිය කුමරියක් වන දින උපේක්ෂාවෙන් බලාසිටි කුමරියකගේ මවගේ කතාව

පිය සෙනහස නොලද දියණිය කුමරියක් වන දින උපේක්ෂාවෙන් බලාසිටි කුමරියකගේ මවගේ කතාව
Spread the love

මේගන්ගේ තාත්තාගේ පවුලේ අය මට හරියට වෙනස්කම් කළා..”

“ඒ නිසයි අපි දික්කසාද වුණේ, දුව ගැන සතුටුයි…”

මේ දවස්වලහැම තත්ත්පරයේම හැම කෙනාම කතා කරන්නේ රජපවුලේ රාජකීය විවාහය ගැන. රාජ කුමාරයෙක් නිකම්ම නිකම් නිළියක්ව කසාද බදින්න යනවා. ඒ නිළිය රාජ කුමාරයාට වඩා වැඩිමල්. ඇය මිට පෙර විවාහ වෙලා දික්කසාද වුණු කෙල්ලක් මේ දේවල් තමයි මාධ්‍ය විකාශය කළේ. නමුත් හැරිට නම් ඒ කතා කිසිවක් ගැන වගක් නැහැ. හිත ගිය කෙල්ලගේ පාට ජාතකය හොයන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ.

ඔහු ඇයව සරණපාවාගෙන රජමාළිගයට කැදවාගෙන ගියා. ඔහු ඒ විදිහට විවාහ කරගත්තේ තනියම හැදුණු කෙල්ලෙක්, ඇය ඉපදිලා වසර දෙක තුනකින් ඇයවත් ආදරණිය අම්මාවත් අතරමං කර පලාගිය තාත්තා කෙනෙකුගේ දියණියක් කියලා බොහෝ අය දන්නේ නැහැ. ඒ අම්මා හැමෝගෙම දුක් අවලාද මැද දියණිය හදලා ලෝකෙට මුදාහරිනවා. ලෝකයම ඇය දැනගන්නේ හැරී නිසාම නෙමෙයි. ඇය නිලියක් නිසයි. රාජකීය පුතණුවන්ගේ අතිනත ගත් ආදරණිය දියණියගේ විවාහයේදී ඇය අල්තාරයේ තනියම වාඩි වෙලා හිටපු එකත් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා. ඒ ගැන මාධ්‍ය කතා කරද්දී ඇය කියන්නේ මෙහෙම කතාවක්.

“Doria Loyce Ragland නමින් මම උපන්නේ වර්ෂ 1956 දී. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් මම ජිවත් වෙන්නේ. යෝගා ගුරුවරියක් වගේම සමාජ සේවිකාවක් මම. මම මේගන්ගේ තාත්තා Thomas Markle එක්ක විවාහ වෙන්නේ 1979 දෙසැම්බර් 23. අපි වර්ෂ 88 දී දික්කසාද වෙනවා. මම ඔහු එක්ක ජිවත් වෙන කාලේ ඔහුගේ පවුලෙන් හරියට බැනුම් අහලා තියෙනවා. මාව හැල්ලුවට ලක් කරලා තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක් එක්කම මම ඔහු එක්ක කාලයක් ජිවත් වුණා. පසුව ඔහු අපෙන් ඉවත් වෙනවා. අපි ගොඩක් සාමාන්‍ය පවුල්වල අය. නමුත් මම හොදින් ඉගෙන ගත් නිසා රැකියාවක් කරලා මගේ දරුවා මේගන්ව මම තනියම හදාවඩා ගත්තා. මට හැමදෙයකටම වඩා දුවගේ අනාගතේ වැදගත් නිසා. ඇය අද සුර සැප විදිනවා. සුර දුතියක් වගේ ලස්සනට ඉන්නවා. මම දුක් වින්දා වගේ ඇය දුක් විදින්නේ නැහැ කියලා මට විශ්වාසයි. හැරී කුමරු මගේ කුමාරිකාව ලස්සනට බලාගනිවී කියලා මම විශ්වාස කරනවා. මගේ දුව සතුටු වෙනවා මම පැත්තකට වෙලා සතුටින් බලාගෙන ඉන්නවා..