පුංචි අමායා සුවකරන්න උපකාර කරමු..! අවුරුදු 5 බර කිලෝ 80යි –

Spread the love

මේ වන විට කිලෝග්‍රෑම් 80 ක් පමණ අසාමාන්‍යව වැඩී ඇති තම දියණියට ප්‍රතිකාර කිරීමට ‍හෝ නිසි පරිදි ආහාර පානවත් ලබාදීමට හරිහැටි රැකියාවක් නොමැති අමායාගේ පියාට නොහැකි තිබේ. තමන් පත්ව ඇති අපහසුතාව පිළිබඳ අදහස් දැක්වූ අමායා ෂාවින්දිගේ මව වන මධුකා කුමාරි මහත්මිය මෙසේ පවසා සිටියාය.

අසාමාන්‍ය බර වැඩිවීමේ තත්ත්වයට පත්ව සිටින කඩුගන්නාව පදිංචි අමායා ෂාවින්දි තෙන්නකෝන් දියණියගේ ඉදිරි කටයුතු සිදු කර ගැනීමට ඇයගේ දෙමාපියෝ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙති.

“ 2012-02-28 පේරාදෙණිය මහ රෝහලේදි තමා මගේ දුව ඉපදුනේ. දවස් දෙකෙන් ටිකට් කැපුවම අපි දරුවව අරගෙන සතුටින් ගෙදර ආවා. ඊට පස්සෙ දවස් 8 කින් දුවට උණ හැදුනා. ඊට පස්සෙ මාස 3ක් පේරාදෙණිය මහ රෝහලේ නැවතී බේත් ගත්ත. එහිදී වෛද්‍යවරු පරීක්ෂණ වගයක් කරල කිවුව දරුවට විෂබීජයක් ගිහිල්ල කියල. බෙහෙත් මාස 3ක් විතර විද්ද ඒත් අඩුවක් වුණේ නැහැ.

මාස 6 ක් පහු වුණ ගමන් දුවගෙ බර වැඩි වෙන්න පටන් ගත්ත. දුව හම්බ වෙද්දි තිබ්බෙ බර කිලෝග්‍රෑම් 2.380 යි. ඉන් පස්සෙ මාසෙට කිලෝග්‍රෑම් 1 ගානෙ වැඩි වෙන්න පටන් ගත්තා.

දැන් දරුවගෙ ඇස් දෙක පේන්නෙත් නැ.ඇවිදින්නත් බැහැ. දරුව ඉන්නෙ ඇඳේ විතරයි. මහත්තය නිවසේ ඉන්න වෙලාවට රෝද පුටුවට ගිහින් තියනව.

වෛද්‍යවරු කියනව පලතුරු, එළවළු වැඩියෙන් දෙන්න කියල. නමුත් අපිට ඒකටවත් හරියට මුදලක් නැහැ.

අපි අනුරාධපුරයෙ වෙද මහත්තයෙක්ගෙන් සිංහල වෙදකම් කළා. එතකොට බර අඩු වුණා. ඒ නිසා විශ්වාසයක් තියෙනව දරුවව අපිට හොඳ කරගන්න පුළුවන් කියල. ඒත් ඒකටත් අපිට මුදල් නැහැ.’’

මෙම දැරියට උපකාරයක් කිරීමට කැමැති අය වෙතොත් කඩුගන්නාව මහජන බැංකුවේ මධුකා කුමාරි වන දරියගේ මවගේ නමින් ගිණුම් අංක 159-2-002-6-0036682 යටතේ විවෘත කර ඇති ගිණුමට ඒ සඳහා වන ආධාර පරිත්‍යාග කළ හැකිය.