ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ පළාත් පාලන ආයතනයක කොට්‌ඨාසයට තරග කළ දේශපාලන පක්‍ෂයක අපේක්‍ෂකයකු සිය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් කෝටි හතරක් පමණ වැයකර ඇති බවට මැතිවරණ කොමිසමට තොරතුරු ලැබී ඇත.
ඔහු මෙම මුදලින් තම කොට්‌ඨාසයේ පාරවල් සෑදීම නිවෙස්‌වලට විදුලිය ලබාදීම, ජලය ලබාදීම ඇතුළු පොදු පහසුකම් සඳහාත් වෙනත් භාණ්‌ඩ හා සේවාවන් සැපයීමටත් යොදා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
යම් මැතිවරණයකදී අපේක්‍ෂකයකුට ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් වැය කළ හැකි සීමාවන් පැනවිය යුතු බවද මෙම අපේක්‍ෂකයාටද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවනු ඇතැයිද ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සභාපතිවරයා කියා සිටියේය.
