පුජිත් පොලිස්පති කළ සමාජ ජාල ඔහුට එරෙහිව අවි අමෝරන ලකුණු!

Spread the love

සමාජ් ජාල මාධ්‍ය යනු සමාජයේ ජනතාවගේ මතය ධනය, බලයට හා වෙනත් වරප්‍රසාද වලට යට නොවී සැබෑ ජනතාවට හඬ නැගීමට අවකාශය ලබා දෙන පුරවැසි මාධ්‍යකරණ ඉඩකඩයි. කොටින්ම කියතොත් සමාජ මතය නිරුපනය කරන්නට සමාජ ජාල සමත්ය. එය පසුගිය මැතිවරණ කාල වලද අද සමාජය තුලද සැමට ප්‍රායෝගිකව අත් දකින්නට ඇත.

මේ දිනවල සමාජ ජාල හා වෙබ් මාධ්‍ය වල පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ඒ ඔහු පොලිස්පති ධුරය හෑල්ලුවට ලක් කරමින් දේශපාලන ව්‍යාපෘතියක නිරත වන බවට කියමිනි. ඔහු ඔහුගේ තනතුරට අදාළ  තීන්දු තීරණ ගන්නවා ජනප්‍රිය චරිතයක් සේ සමාජයේ කැපී පෙනීමට උත්සාහ දැරීම හේතුවෙනි. එයට එක් හොඳම උදාහරණයක් සපයමින් වත්මන් පොලිස්පතිවරයා ඔහුගේ උත්සව ආදිය වෙනත් දේශපාලකයන් හා නළු නිලියන් මෙන් ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදමින් සිටීම දැක්විය හැක.

එමෙන්ම මෙසේ ඔහුට විවේචන එල්ල වීමට හේතුව රටේ අපරාධ රැල්ල මෙන්ම ඝාතන රැල්ල මඩින්නට ඔහු කිසිවක් නොකිරීමත් වංචා දුෂණ වැලක්වීමට කටයුතු නොකිරීමත් පසුගිය පාලන සමයේ දුෂණ චෝදනා එල්ල වූ අයට නිතිය ක්‍රියාත්මක නොකිරීමත් මෙන්ම ජනප්‍රිය වීමට එක් එක් බොරු දේවල් කීමත් නිසායි,

බොහෝ දෙනා පවසන්නේ පොලිස්පති වූ පසු කලින් සිටි පුජිත් ජයසුන්දර චරිතය එහෙන් පිටින්ම වෙනස් වූ බවයි…කලින් තම පරමාදර්ශී චරිතයක්ව  සැලකු පුජිත් දැන් කරන දේවල් සිතා ගැනීමටවත් නොහැකි බවයි.

මේ හේතු නිසා ඔහුව පත් කිරීමට මතය සකස් කල සමාජ ජාල හා වෙබ් අඩවි ඔහුට විරුද්ධව මතය ගොඩ නැගීම ආරම්භ කොට ඇත.

ඔවුන් පවසන්නේ පොලිස්පති ගෙදර යවන තුරු ඔහුගේ වැරදි සමාජ ගත කරන බවයි.

 

පූජිත් ජයසුන්දර තව දුරටත් පොලිස්පති තනතුරේ සිටිය යුතුද?

Posted by Voice of Lanka on Saturday, June 10, 2017

[rns_reactions]